Home උණුසුම් පුවත් ඕස්ට්‍රේලියාවට ලකුණු 158ක ඉලක්කයක්

ඕස්ට්‍රේලියාවට ලකුණු 158ක ඉලක්කයක්

0
ඕස්ට්‍රේලියාවට ලකුණු 158ක ඉලක්කයක්

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියේ අද (25) පැවැත්වෙන තරගයේ දී ඕස්ට්‍රේලියාවට එරෙහිව කඩුලු 6ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනු ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දු රැකීම තෝරාගත්තේය. ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රවේගකාරී ආරම්භයක් ලබා දීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නෝ ඉඩ නොදුන්හ.

එසේ වුවද අවසන් පන්දුවාර කිහිපයේ දී ඕස්ට්‍රේලියානු කණ්ඩායමට යම් පීඩනයක් එල්ල කිරීමට ශ්‍රී ලංකා පිතිකරුවෝ සමත් වූහ. පැතුම් නිශ්ශංක පන්දු හතළිස් පහක දී ලකුණු 40යි. චරිත් අසලංක පන්දු විසි පහක දී නොදැවී ලකුණු 38යි. චාමික කරුණාරත්න පන්දු 7 කදී ලකුණු 14 ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව 157 /6 (20)

ඕස්ට්‍රේලියානු කණ්ඩායම දැනට පන්දුවාර 3ක් අවසානයේ කිසිවෙකුත් නොදැවී ලකුණු 19ක් ලබා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here