මුල් පිටුව උණුසුම් පුවත් නීතිඥ බිරියයි පොලිස් සැමියයි ගැන නීතිපතිට බොරු කියූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදින...

නීතිඥ බිරියයි පොලිස් සැමියයි ගැන නීතිපතිට බොරු කියූ පොලිස් නිලධාරීන්ට වැඩ වරදින ලකුණු

0

දෙපාර්ශවයක් අතර පැවති පෞද්ගලික ගණුදෙනුවක් සම්බන්ධයෙන් වූ පැමිණීල්ලකට සිය බිරිඳත් තමාවත් ඈඳමින් වැරදි තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට ලබාදෙමින් ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශය කටයුතුකර ඇතැයි “රුපියල් මිලියන 30ක වංචාවකට නීතිඥ බිරිඳත් එක්ක හොර ලියැවිලි හැදූ පොලිස් ලොක්කෙක් අත්අඩංගුවට“ යන ශීර්ෂයෙන් newswave පසුගිය 22 වෙනිදා පලකළ පුවත සම්බන්ධයෙන් කරුණු දැක්වීමක් කරමින් අදාල ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සඳහන් කරයි.

පොලොන්නරුව ජයන්තිපුර පදිංචිකරුවෙක් වන තම හිතවතෙකුට පූගොඩ පිහිටි එම ඉඩම අයත්ව තිබුණු බව ද ඔහු සඳහන් කළේය.

එම ඉඩම මිලදී ගැනීමට යම් පාර්ශවයක් අත්තිකාරම් මුදලක් ගෙවා තිබුණු බවත් නියමිත කාල සීමාව තුළ එම අත්තිකාරම් මුදල ගෙවූ පුද්ගලයාට ඉඩම මිලදී ගෙන ගණුදෙනුව අවසන් කිරීමට නොහැකි වූ බැවින් වෙනත් පුද්ගලයෙකුට එම ඉඩම එහි හිමිකරු විකුණා තිබුණු බවත් ඔහු සඳහන් කළේය.

මෙම සිදුවීම වසර 20ක් පමණ පැරණි එකක් බවද ඔහු පැවසීය.

දෙපාර්ශවයක් අතර ඇතිවුණු මෙම ගණුදෙනුවට තමන්වත් බිරිඳවත් ඈඳා නීතිපතිවරයා වෙත වැරදි තොරතුරු ලබාදීම හේතුවෙන් තමන්වත් බිරිදවත් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව ඔහු කියයි.

ඒ අනුව බිරිඳව පොලීසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බවත් එහිදී අධිකරණය ඇයට ඇප නියම කළ බවත් ඔහු පවසයි.

තමාව අත්අඩංගුවට ගැනීමක් සිදු නොවූ බවත් තමා අධිකාරණයට ඉදිරිපත් වීමෙන් පසු 2019 වසරේ තමන්ට මෙම සිදුවීම සම්බන්ධයෙන් ඇප නියමකර තිබුණු බැවින් එම පෙර ඇප මත මුදා හැරිය බවත් ඔහු කියයි.

නීතිපති දෙපාර්තමේන්තුවට වැරදි තොරතුරු ලබාදීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවද දැනුවත් කිරීමට බිරිදත් තමනුත් කටයුතුකර ඇති බවද ඔහු පවසයි.

ඊට අමතරව නීතිපතිවරයාට වැරදි තොරතුරු දෙමින් සහ තමන්වත් බිරිඳවත් මෙම සිදුවීමට පැටලවූ නිලධාරීන්ට එරෙහිව මානව හිමිකම් කොමිසමට යන බවත් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු කීය.

තමාවත් බිරිඳවත් මෙම සිද්ධියට පැටලවූ එවකට ගම්පහ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාව සිටි නිලධාරියාට එරෙහිව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට තමා පැමිළිල්ලක් කළ බවත් ඊට අනුව එම නිලධාරියාව බස්නාහිර පළාතින් පිටතට ස්ථාන මරුකර ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version