තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉර වසාගෙන හෙට පායන සඳ

    ඉර වසාගෙන හෙට පායන සඳ

    හෙට(25) දින අර්ධ සූර්යග්‍රහණයක් සිදුවීමට නියමිත බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.

    එය විනාඩි 22 කාලයක් දැකගත හැකියි.

    කොළඹ දී එය නිරීක්ෂණය කළ හැකිවන්නේ පස්වරු 5.43 සිට 5.52 දක්වා පමණි.

    මෙය යාපනය ප්‍රදේශයට සම්පූර්ණයෙන්ම දිස්වන බව එම මධ්‍යස්ථානය පවසයි.

    සූර්යග්‍රහණයේ උපරිම ග්‍රහණ අවධිය පස්වරු 5.49 සිදුවන අතර, එහි අවසානය පස්වරු 6.20ට සිදුවීමට නියමිතයි.

    මෙම අර්ධ සූර්යග්‍රහණය සිදුවන විට සූර්යයා බැසයාමට ඉතා ආසන්න වීම හේතුවෙන් සහ එය උපරිම අවස්ථාව වනවිට චන්ද්‍රයාගෙන් සූර්යාගේ මුහුණත වැසෙන්නේ අල්ප ප්‍රමාණයකි.

    ඒ හේතුවෙන් මෙය ලක්වාසීන්ට දැකබලාගැනීම අවම වනු ඇති බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය කියාසිටී.

    සූර්යයා සහ පෘථිවිය අතරින් චන්ද්‍රයා ගමන් කරන විට සූර්යයාගේ ආලෝකය අවහිර කර පෘථිවියට සෙවනැල්ලක් ඇතිකරන අවස්ථාවේදී සූර්යග්‍රහණයක් සිදු වන බව පැවසේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img