මුල් පිටුව උණුසුම් පුවත් ත්‍රීවිල් සහ බයික්වලට ඔක්ටේන් 87 තෙල්

ත්‍රීවිල් සහ බයික්වලට ඔක්ටේන් 87 තෙල්

0

ත්‍රීරෝද රථ සහ යතුරුපැදි සඳහා ඔක්ටේන් 87 ඉන්ධන භාවිත කිරීම පිළිබඳව ද අවධානය යොමුව තිබේ.

එමෙන්ම මෙරට පොදු ප්‍රවාහනය ශක්තිමත් කිරීම සඳහා විවිධ අදහස් සහ යෝජනා ද අලුතින් ඉදිරිපත් කර ඇත.

මෙම කලාපයේ අනෙක් රටවලට සමගාමීව මෙරට විදුලි ගාස්තු ස්ථාවර සහ සාධාරණ අගයක පවත්වා ගැනීමේ අවශ්‍යතාවය එහිදී සාකච්ඡා වී ඇත.

එමෙන්ම විදුලිය සඳහා දවසේ අධික ඉල්ලුමක් ඇති කාලය සහ අඩු ඉල්ලුමක් ඇති කාලය අතර පවතින විශාල පරතරය අවම කළ යුතු බවට ද මෙහි දී අදහස් පළ විය.

රටේ බලශක්ති අවශතාව සපුරා ගැනීම සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීම පිළිබඳව අදහස් සහ යෝජනා ඉදිරිපත් වී ඇත.

ඒ පිළිබඳ සිදුකොට ඇති පර්යේෂණ ගණනාවක් පිළිබඳවද විද්වතුන් විසින් සිය අදහස් ඉදිරිපත් කරන ලදී.

මේ කරුණු සාකච්ඡා වූයේ ආර්ථිකය ස්ථායීකරණයට අදාළ කෙටි සහ මධ්‍ය කාලීන වැඩසටහන් හඳුනා ගැනීම සඳහා වන ජාතික සභා අනු කමිටුව එහි පසුගියදා(19) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ දී රැස් වූ අවස්ථාවේ දීය.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version