Home උණුසුම් පුවත් අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති

අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති

0
අටමස්ථානාධිපති සිරිනිවාස නාහිමියෝ අපවත් වෙති

අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියෝ ඊයේ (‍18) රාත්‍රී අපවත් වුහ.

අසනීප තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී නාහිමියන් මෙසේ අපවත් වී තිබේ.

අපවත් වන විට වනවිට 69 වැනි වියේ පසු වූ නාහිමියෝ පැවිදි දිවියට ඇතුළත්ව තිබුණේ 1968 වසරේ අනුරාධපුර රුවන්වැලි චෛත්‍යරාමයේ දී ය.

මාළිගාකන්ද විද්‍යෙයෝදය මහ පිරිවෙනෙන් අධ්‍යාපනය හැදෑරු උන්වහන්සේ 1984 වසරේ දී කැලණි විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබාගත්හ. 1997 වසරේ දී අටමස්ථානාධිපති බවට පත් වූ නාහිමියෝ අපවත්වනතුරුම උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝනායක ලෙස ද කටයුතු කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here