Home උණුසුම් පුවත් කතුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් සිරකොට ලිංගික අතවර කළ පොලීසියේ 2ක් වසර 10ක් හිරේට

කතුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් සිරකොට ලිංගික අතවර කළ පොලීසියේ 2ක් වසර 10ක් හිරේට

0
කතුන් දෙදෙනෙක් පැහැරගෙන ගොස් සිරකොට ලිංගික අතවර කළ පොලීසියේ 2ක් වසර 10ක් හිරේට

කාන්තාවන් දෙදෙනෙක් පැහැරගෙනගොස් සිරකර තබාගෙන ලිංගික අතවර කිරීමක් සම්බන්ධයෙන් චෝදනා 05ක් යටතේ වරදකරුවන් වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙක් බරපතල වැඩ ඇතිව 10 වසරකට හිරේට නියම කරමින් රුපියල් 15,000ක දඩයක් අලුත්කඩේ මහාධිකරණය විසින් නියමකර තිබේ.

මෙසේ සිරදඩුවම් නියම වූයේ එච්.එල්.එන්.එම්. ජයරත්න සහ ඩී.එම්.එස්.එන්.විජේසිංහ යන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාටය.

මෙම නිලධාරීන් දෙදෙනා පිටකොටුව පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී මෙම පැහැර ගැනීම සහ අතවර කිරීම සිදුව තිබේ. ඒ ඔවුන් රාජකාරියේ නිරතව සිටියදීය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඇත්තේ කොළඹ අපරාධ කොට්ඨාශය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here