Home උණුසුම් පුවත් ශ්‍රී ලංකා කාන්තා පිළ ආසියානු කුසලාන අවසන් තරගයට

ශ්‍රී ලංකා කාන්තා පිළ ආසියානු කුසලාන අවසන් තරගයට

0
ශ්‍රී ලංකා කාන්තා පිළ ආසියානු කුසලාන අවසන් තරගයට

ආසියානු කුසලාන කාන්තා විස්සයි20 තරගාවලියේ අද (13) පැවති අවසන් පූර්ව තරගයෙන් පාකිස්ථානයට එරෙහිව ලකුණු 01 තියුණු ජයක් ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබාගත්හ.

ඒ අනුව ලබන සෙනසුරාදා පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයට ඉන්දීය කාන්තා කණ්ඩායම සමඟ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම තරගවදිනු ඇත.

අද පැවති තරගයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 122ක් ලබාගත්හ.

ලකුණු 123ක ජයග්‍රාහි ඉලක්කයක් හඹාගිය පාකිස්ථාන කාන්තා කණ්ඩායමට නියමිත පන්දුවාර විස්ස අවසානයේ ලබාගත හැකිවූයේ කඩුලු 6ක් දැවී ලකුණු 121ක් පමණි.

ලකුණු 17කට කඩුලු දෙකක් දවාගත් ඉනෝකා රණවීර තරගයේ වීරයා සම්මානය දිනාගත්තාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here