
ඉන්දියාවේ තූත්තුකුඩියේ සිට මීගමුව වෙරළට මුහුදු මාර්ග ඔස්සේ නීති විරෝධිව රැගෙන පැමිණි රුපියල් එක්කෝටි විසි ලක්ෂයක් පමණ වටිනා බීඩි කොළ කිලෝ 1500 ක් සමග 06 දෙනෙක් පොලිස් විිශේෂ කාර්ය බලකය විසින් අද (01) අලුයම අත්අඩංගුවට ගත්තේය.
එම බීඩි කොළ මීගමුව වෙරලේ සිට රැගෙන යන්නට පැමිණි ලොරි රථ තුනක්ද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා කීය.
මීගමුවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගිය බහුදින යාත්‍රාවකට තූත්තුකුඩියේ සිට පැමිණි ඉන්දියානු යාත්‍රාවකින් මෙම බීඩි කොළ තොගය පටවා ඇතැයි විමර්ශන වලින් හෙළිවී තිබේ.
මීගමුව වෙරළට මෙම බීඩි කොළ තොගය රැගෙන ආ බෝට්ටුව පොලිස් භාරයට ගෙන නැති අතර එය සොයා මෙහෙයුමක් දියත්කර ඇතැයි විිශේෂ කාර්ය බලකාය සදහන් කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් බීඩි කොළ සමග වැඩිදුර විමර්ශන සදහා මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානයට භාරදී ඇත.