Home උණුසුම් පුවත් රටපුරා කුණු කඳු 19ක් හැදිලා

රටපුරා කුණු කඳු 19ක් හැදිලා

රටපුරා කුණු කඳු 19ක් හැදිලා

රටපුරා කුණු කඳු 19ක් නිර්මාණය වී ඇතැයි පළාත් පාලන රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පවසා තිබේ.

පළාත්පාලන ආයතන කරන කැළිකසළ  හැර කිරීම් නිසා මෙම තත්ත්වය නිර්මාණය වී ඇතැයිද ඔහු සඳහන් කළේය.

රාජ්‍ය ඇමැතිවරයා මේ බව සඳහන් කළේ සමගි ජන බලවේගය පක්ෂයේ  බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා  විසින් අසන ලද ප්‍රශ්නයකට පිළීතුරු දෙමිනි.

එම කුණු කඳු අතරින් හතරක් වනාන්තර ආශ්‍රිතව පවතින හෙයින් පරිසර පද්ධතියට දැඩි හානියක්  වන්නේ යැයි පිළිගන්නා බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා පළාත් පාලන ආයතනවල කොම්පෝස්ට් පොහොර නිපදවන අංගණ නවයක් මේ වනවිට ක්‍රියාත්මක බවද  සඳහන් කළේය.

මේ කුණු කඳු  සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන  දැනුවත් කිරීමට පියවර ගෙන තිබෙන බව වක්කුඹුර මහතා වැඩිදුරටත් කියාසිටියේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here