Home උණුසුම් පුවත් අයිස්ලන්ත ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

අයිස්ලන්ත ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

අයිස්ලන්ත ජනපතිගෙන් ශ්‍රී ලංකාවට සහතිකයක්

අයිස්ලන්තයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව හොඳ සබඳතාවක් ඇති බවත්, දෙරට අතර හුවමාරු වැඩසටහන් ඉහළ නැංවිම තුළින් දෙරටටම සැලකිය යුතු ප්‍රතිලාභයක් අත්විඳිය හැකි බවත් අයිස්ලන්ත ජනාධිපති ගුඕනි යොහැන්සන් මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ අයිස්ලන්තය අතර මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම අපේක්ෂාව බව ද අයිස්ලන්ත ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම නිමිත්තෙන් විශේෂ සුබපැතුම් පණිවුඩයක් යොමු කරමින් අයිස්ලන්ත ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබේ.

සමාජ සංහිඳියාව රැක ගනිමින් ආර්ථික අභියෝගවලට සාර්ථකව මුහුණදීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ජොහැනසන් මහතා සඳහන් කර ඇත.

ශ්‍රී ලංකාව අත්විඳින ලද ඉහළ උද්ධමනය පිළිබඳ අදහස් දක්වමින් , උද්ධමනය අයිස්ලන්තය ද ඉතා හොඳින් හඳුනාගෙන ඇති පොදු ගැටලුවක් බව සඳහන් කර ඇත.

අයිස්ලන්ත ජනාධිපතිවරයා මෑත කාලීන වසංගත සහ පාරිසරික තර්ජන වැනි ගැටළු වලදී සියලුදෙනා එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද පෙන්වා දී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here