Home උණුසුම් පුවත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව පත්කෙරේ

ජාතික ක්‍රීඩා තේරීම් කමිටුව අද පත් කර තිබේ.

ක්‍රීඩා කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් අද එම කමිටු සාමාජිකයන්ට පත්වීම් ප්‍රදානය කරන ලදී.

ඒ අනුව මෙම කමිටුවේ සභාපති ධුරයට
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර ඇත.

එහි ලේකම් ධුරය සඳහා හිටපු ජාතික ටෙනිස් ක්‍රීඩක අර්ජුන් රිෂ්‍ය ප්‍රනාන්දු මහතා පත්කර තිබේ.

මෙම කමිටුවේ සෙසු සාමාජිකයින් වන්නේ, ශල්‍ය වෛද්‍ය උපදේශක වෛද්‍ය මයියා ගුණසේකර, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ප්‍රසන්න චන්දිත් මහතා, හිටපු ජාතික ක්‍රිකට් නායක සනත් ජයසූරිය මහතා, ජාතික ඔලිම්පික් කමිටු ලේකම් මැක්ස්වෙල් ද සිල්වා මහතා, හිටපු ජාතික මලල ක්‍රීඩිකා සහ ජාතික නෙට්බෝල් ක්‍රීඩිකා තිලකා ජිනදාස යන මහත්ම මහත්මීන් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here