Home උණුසුම් පුවත් තවත් පාසල් සිසුන් ලක්ෂ 10කට රජයෙන් දිවා ආහාර වේලක්

තවත් පාසල් සිසුන් ලක්ෂ 10කට රජයෙන් දිවා ආහාර වේලක්

තවත් පාසල් සිසුන් ලක්ෂ 10කට රජයෙන් දිවා ආහාර වේලක්

තවත් පාසල් සිසුන් මිලියනයකට පමණ සම්පූර්ණ පෝෂ්‍යදායී දිවා ආහාර වේලක් ලබාදීම පිණිස යෝග්‍ය පියවර ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

දැනට ක්‍රියාත්මක කරනු ලබන පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කිරීම මෙහිදී සිදුකෙරේ.

පාසල් 7,926 ක සිසුන් මිලියන 1.08 ක් ඉලක්ක කරගනිමින් පාසල් දිවා ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

ඒ සඳහා රජය වාර්ෂිකව වැයකරන මුදල රුපියල් බිලියන 4කි.

දිළිඳුකම තුරන් කිරීමේ ප්‍රතිපත්තිය යටතේ ‘කිසිදු පුරවැසියෙක් ආහාර නොමැතිකම නිසා කුසගින්නේ නොතැබිය යුතුය’ යන අරමුණ සාක්ෂාත් කරගැනීම පිණිස ඉලක්ක කරගත් වැඩසටහන් රජය විසින් කඩිනමින් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරනු ලබයි.

මෙම වැඩසටහ දිළිඳුකම සහ පෝෂණය පිළිබඳ දිස්ත්‍රික් මට්ටමින් පවතින දත්ත පදනම් කර ගෙන, අවශ්‍ය අරමුදල් විදේශීය ප්‍රදානයන් මඟින් සලසා ගනිමින් ක්‍රියාත්මක කෙරේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here