Home උණුසුම් පුවත් තඹුත්තේගම පොලිස් විරුවාට උසස්වීම් ත්‍යාග සමඟ වීරතා පදක්කමත් ලැබේ

තඹුත්තේගම පොලිස් විරුවාට උසස්වීම් ත්‍යාග සමඟ වීරතා පදක්කමත් ලැබේ

0
තඹුත්තේගම පොලිස් විරුවාට උසස්වීම් ත්‍යාග සමඟ වීරතා පදක්කමත් ලැබේ

ව්‍යාපාරිකයෙකු විසින් බැංකු ගත කිරීමට රැගෙන පැමිණි රුපියල් ලක්ෂ 223ක මුදලක් කොල්ලා පළායමින් සිටි සන්නද්ධ කොල්ලකරුවන් දෙදෙනෙක් මෙල්ලකර මුදල් තොගය රැක ගනිමින් පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ඉහළ නැන්වූ තඹුත්තේගම පොලීසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් බුද්ධික කුමාර අද උප පොලිස් පරීක්ෂකධූරයට උසස්කරනු ලැබීය.

ඊට අමතරව ඔහුට රුපියල් ලක්ෂ 25ක මුදල් ත්‍යාගයක්ද පොලිස් ත්‍යාග අරමුදලෙන් ලබාදීමට පොලිස්පතිවරයා පියවර ගත්තේය. එසේම ඔහු කළ වීර ක්‍රියාව අගයමින් පොලිස් වීරතා පදක්කම පවා පිළිගැන්විය.

මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති උත්සවයකදී මෙම උසස්වීම සහ ත්‍යාග පිරිනැමීම සිදුවිය.

මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි සහ පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහත්වරුන්ද ඇතුළුව උසස් පොලිස් නිලධාරීන්ද උසස්වීම් ලද බුද්ධික කුමාරගේ මව බිරිද සහ දරුවන්ද සහභාගිවී සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here