Home උණුසුම් පුවත් වැඩිවෙද්දී වැඩිවුණාට අඩුවෙද්දී අඩුකරන්න බෑ කියන දේවල්

වැඩිවෙද්දී වැඩිවුණාට අඩුවෙද්දී අඩුකරන්න බෑ කියන දේවල්

වැඩිවෙද්දී වැඩිවුණාට අඩුවෙද්දී අඩුකරන්න බෑ කියන දේවල්

පෙට්‍රල් මිල පහළ දැමූවත්, ත්‍රිරෝද රථ ගාස්තුවල කිසිදු අඩුවීමක් නොවන බව ත්‍රිරෝද රථ වෘත්තිය සමිති පවසයි.

සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති, ලලිත් ධර්මසේකර මහතා සඳහන් කළේ, රජය මගී ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් තරම් පෙට්‍රල් ලබානොදෙන බවය.

මේ අතර පෙට්‍රල් මිල අඩු වූවත් ආපන ශාලාවල ආහාර මිල ගණන්වල අඩුවක් නොවන බව, ආපන ශාලා හිමියන්ගේ සංගමය පවසයි.

එහි සභාපති අසේල සම්පත් මහතා සඳහන් කළේ, වෙළෙඳපොළේ අනෙකුත් සේවා  මිල ගණන් අඩු වන්නේ නම් පමණක් කිරි තේ ඇතුළු ආහාර පාන මිල ගණන් අඩු කළ හැකි බවයි.  

ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඔක්ටෙන් 92 පෙට්‍රල් ලිටරයක මිල රුපියල් 40 කින් පහත දැමීමට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පියවර ගෙන තිබේ.

ඩීසල් මිල අඩු නොවු පසුබිමක කිසිදු ආකාරයක බස් ගාස්තු අඩුවීමක් සිදු නොකරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සංගම් සම්මේලනයේ සභාපති, අංජන ප්‍රියන්ජිත් මහතා ද පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here