Home උණුසුම් පුවත් මත්පැන් දුම්වැටි මිල ඉහළට

මත්පැන් දුම්වැටි මිල ඉහළට

මත්පැන් දුම්වැටි මිල ඉහළට

මත්පැන් සහ දුම්වැටි මිල ගණන් ද ඉහළ දමා තිබේ. ඒ ඊයේ (01) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ය.

ඔක්තොම්බර් මස 1 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 2.5ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීම මෙම මිල ගණන් ඉහළ යාමට හේතුවී තිබේ.

ඒ අනුව සෑම මත්පැන් වර්ගයකම මිල ඉහළ දමා ඇත.

මිලිලීටර් 750 අති විශේෂ මත්පැන් බෝතලය මිල රුපියල් 150කින් ඉහළ දමා ඇති අතර ඊට සමගාමීව අනෙක් මත්පැන්වල මිල ගණන් ද ඉහළ දමා ඇතැයි සඳහන් ය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට දුම්වැටි වර්ග දෙකක මිලද රුපියල් 5කින් ඉහළ දැමීමට පියවර ගෙන තිබුණි.

අනෙකුත් දුම්වැටි නිෂ්පාදනවල මිල ගණන් මෙතෙක් තීරණය කර නොමැති බව වාර්තා වේ.

ඒ අනුව දුම්වැටියක නව මිල රුපියල් 90කි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here