Home උණුසුම් පුවත් දංඕවිට කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි – බසයක ගිය තරුණියක් මරුට

දංඕවිට කොල්ලකරුවන්ට පොලිසියෙන් වෙඩි – බසයක ගිය තරුණියක් මරුට

0
දංඕවිට කොල්ලකරුවන්ට  පොලිසියෙන් වෙඩි – බසයක ගිය තරුණියක් මරුට

දන්ඕවිට පිහිටි මත්පැන් හලක් බිද මත්පැන් හල කොල්ලකෑමට වැගන් ආර් වර්ගයේ රථයකින් පැමිණි කොල්ල කල්ලියකට පොලිසිය අද අළුයම වෙඩි තබා තිබේ.

කොල්ලකරුවන් පළා යමින් සිටි රථයට පොලිසියේ වෙඩි තබන විට අනුරාධපුරයේ සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ මගේ බස්රථයකටද වෙඩිල්ලක් වැදී ඇත.

එම බස් රථයේ පිටුපස අසුනේ ගමන් කරමින් සිටි තරුණියකට වෙඩි වැදී ඇය මියගොස් ඇතැයි පොලිස් තොරතුරු අනාවරණය කළේය. එම තරුණිය ගාල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

වෙඩි ප්‍රහාර හමුවේ කොල්ලකරුවන් ගමන්ගත් වැගන් ආර් රථය පලා ගොස් තිබේ. එම රථය වත්තල ප්‍රදේශය අතහැර දමා ගොස් තිබියදී පොලිස් සෝදිසිවලදී හමුවී ඇත. අනතුරුව කළ සොයා බැලීමේදී වැගන් ආර් රථයෙන් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක්ද තුවාල ලබා රාගම රෝහලට ඇතුළත්ව සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here