තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සියලුම ෂෙඩ්වල තෙල් පරීක්ෂාවට

    සියලුම ෂෙඩ්වල තෙල් පරීක්ෂාවට

    සියලුම ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධනවල ප්‍රමිතිය පරීක්ෂා කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇතැයි මහජන උපයෝගිතා කොමිසම පවසයි.

    එහි සභාපති ජනක රත්නායක සදහන් කළේ ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද මහජනතාවගෙන් ලද පැමිණිලි සැලකිල්ලට ගෙන මෙම පියවර ගත් බවයි.

    ඉකුත් සමයේ ඉන්ධනවල ප්‍රමිතිය පිළිබද මහජනතාවගෙන් පැමිණිලි රැසක් ලැබී තිබූ බවද ඔහු පැවසීය.

    මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් කොළඹ 07 ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලක පෙට්‍රල් නිකුත් කරන පොම්ප දෙකක් ඊයේ මුද්‍රා තැබුණි.

    ඒ, එම පොම්ප දෙකෙන් 92 වර්ගයේ පෙට්‍රල් නිකුත් කිරීමේදී ලීටරයකින් සියයට 1යි දශම 2ක් අඩුවෙන් නිකුත්කළ බවට තහවුරු වීම හේතුවෙනි.

    එහිදී සෑම ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයකින්ම රුපියල් 5යි ශත 40ක් පාරිභෝගිකයාට පාඩුවී ඇති බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක පැවසීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img