මුල් පිටුව උණුසුම් පුවත් පේර ගසින් නිවසට බැස විශ්‍රාමික ගුරුවරියගේ කෝටියක රන් සොරාගෙන

පේර ගසින් නිවසට බැස විශ්‍රාමික ගුරුවරියගේ කෝටියක රන් සොරාගෙන

0

විශ්‍රාමික පාසල් ගුරුවරියක පදිංචිව සිටින පිළියන්දල මකුළුදූවේ පිහිටි නිවසකට ඊයේ පෙරවරුවේ පේර ගසක් දිගේ ඇතුළු වී ඇති සොරෙක් රුපියල් කෝටියක් පමණ වටිනා රන් භාණ්ඩ තොගයක් රැගෙන පළාගොස් තිබේ.

මෙරට ජනප්‍රිය බාලිකා විද්‍යාලයක සේවයේ නිරතව සිටියදී විශ්‍රාම ගිය මෙම ගුරුවරිය 68 වන වියේ පසුවන්නියකි. ඇගේ පුතා පිළියන්ද නගරයේ විදුලි භාණ්ඩ අලෙවි ස්ථානයක් පවත්වාගෙන යන ව්‍යාපාරිකයෙකි.

එම ව්‍යාපාරික පුත්‍රයා සිය බිරිඳ සමඟ පදිංචිව සිටින්නේ පිළියන්දල බවත් මව ඇගේ සහෝදරයෙක් සමඟ මකුළුදූවේ පදිංචිව සිටින බවත් පොලීසිය කියයි. ව්‍යාපාරික පුත්‍රයාගේ පාසල් යන දරුවා රැදී සිටින්නේද මකුළුදූවේ ගුරුවරියගේ නිවසේය.

මෙම ගුරුවරිය සිය සහෝදරයා සමඟ ඊයේ උදෑසන 6.30ට නිවසින් පිටව ගොස් ඇත්තේ මුණුබුරාගේ පාසලේ පැවැත්වෙන ගුරුදෙගුරු හමුවට සහභාගිවීමටය. ඔවුන් නිවසින් පිටව ගොස් පැයකට පමණ පසු ව්‍යාපාරික පුත්‍රයා එහි පැමිණ ඇත්තේ සිය මවගේ නිවසට යාබද කාමරයක සිටින ඔහුගේ ව්‍යාපාරික ස්ථානයේ සේවයකරන සේවකයින් දෙදෙනා රැගෙන යන්නටය.

සිය මුණුබුරා සමඟ පාසලට ගොස් ගුරුවරිය නිවසට නැවත පැමිණ ඇත්තේ සවස 1.30ට පමණය. එහිදී ඇගේ කාමරයේ අල්මාරිය ඇර තිබෙන අයුරු දැක ඒ ගැන විමසිලිමත් වීමේදී අනාවරණය වී ඇත්තේ එහි රහස් කුටිය බිද එහි තිබුණු පවුල් 66ක රන් භාණ්ඩ සොරාගෙන ඇති බවය.

මෙම රන් භාණ්ඩ සොරුන්ගෙන් ආරක්ෂාකර ගැනීමට ඇය නිවසේ තැන තැන සඟවා තිබී දින කිහිපයකට පෙර මෙසේ අල්මාරියට දමා ඇති බව ඇය පොලීසියට පවසා තිබේ.

පිළියන්දල පොලීසිය සඳහන් කරනු ලැබුවේ මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වෙන බවය.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version