මුල් පිටුව උණුසුම් පුවත් තොටලග කජීමාවත්තේ ගින්නෙන් නිවාස 80ක් විනාශයි – පවුල් 80ක් අවතැන්

තොටලග කජීමාවත්තේ ගින්නෙන් නිවාස 80ක් විනාශයි – පවුල් 80ක් අවතැන්

0

තොටලග කජීමා වත්තේ තාවකාලිකව ඉදිකර තිබුණු පැල්පත් සහ නිවාස 80 ක් ඊයේ රාත්‍රීයේ හටගත් ගින්නෙන් විනාශ වී ඇති බව පොලීසිය කියයි.

මේ හේතුව නිසා පවුල් 80 ක පුද්ගලයින් 220ක් අවනැන්ව සිටින බවත් ඒ අය කැලණි නදි විහාරය සහ මුවදොර උයන මහල් නිවාස ප්‍රජා ශාලාවේ තාවකාලිකව නවතා ඇති බවත් ග්‍රෑන්පාස් පොලීසිය සඳහන් කරයි.

මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැත. ඒ සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂකවරයා ගෙන්වා අද විමර්ශනයක් පැවැත්වීමට නියමිතව ඇත.

කුමාර ජයවර්ධන

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version