තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්IMF සමඟ රජය ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනතාවට වහා හෙළිකරන්න

    IMF සමඟ රජය ඇතිකරගත් ගිවිසුමේ කොන්දේසි ජනතාවට වහා හෙළිකරන්න

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුමේ කොන්දේසි වහා හෙළි කරන්න – උත්තර ලංකා සභාගයේ සභාපති විමල් වීරවංශ

    ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජය ඇතිකරගෙන තිබෙන ගිවිසුමේ කොන්දේසි වහාම පාර්ලිමේන්තුව සහ ජනතාව හමුවට හෙළිකරන්නැයි උත්තර ලංකා සභාගයේ සභාපති හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා අද (21) ඉල්ලා සිටියේය.

    බොරැල්ලේ පිහිටි ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේ පැවැති උත්තර ලංකා සභාගයේ මාධ්‍ය හමුවට එක්වෙමින් විමල් වීරවංශ මහතා මෙම ඉල්ලීම කළේය.

    අපි දන්නවා දැනට අත්සන් කරලා තියෙන ගිවිසුම මේ දක්වා ජනගත කරලා නැහැ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා නැහැ. මහජනයා දන්නෙ නැහැ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ඇතිකරගත් ඒ ගිවිසුම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නෙ නැත්තෙ ඇයි ? ඒ ගිවිසුමේ මොනවා ද තියෙන්නෙ ? ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දෙන පහසුකම් සැපයීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය මොනවට ද එකතු වුණේ ? මොනවද ඒ වෙනුවෙන් කරන්න එකඟවෙලා තියෙන්නෙ ? අපි දන්න විදියට එක කොන්දේසියක් තමයි ජාත්‍යන්තර ණය විතරක් නෙමෙයි දේශීය ණයත් ප්‍රතිව්‍යුහගත කරන්න ඕන කියන එක.

    ඒ නිසා අපි කියන්නෙ මුල්‍ය අරමුදල එක්ක අත්සන් කරලා තියෙන ගිවිසුම හෙළිදරව් කරන්න. ඒ ගිවිසුමේ තියෙන කොන්දේසි මොනවාද කියලා හෙළිදරව් කරන්න. මේ ආර්ථික අර්බුදය දඩමීමා කරගෙන ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකන්න ඉඩ තියන්න අපි ලෑස්ති නෑ. ශ්‍රී ලංකා රාජ්‍යයේ බෙල්ල මිරිකන ගිවිසුමක් ද නැද්ද කියන එක අපට පැහැදිලිව අනාවරණය කරන්න.එසේ නොකර එය හංගගෙන යනවා නම් ඒකට විරුද්ධව නැගී සිටීම පොදු ජනතාවගේ අනිවාර්යනීය වගකීමක් කියලා අපි විශ්වාස කරනවා යැයි විමල් වීරවංශ මහතා පෙන්වා දුන්නේය.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img