තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්"රටට ඕනෑ ජනමත විචාරණයක් නෙවෙයි"

    “රටට ඕනෑ ජනමත විචාරණයක් නෙවෙයි”

    රටට අවශ්‍ය වන්නේ ජනමතවිචාරණයක් නොව මැතිවරණයක් බව සමගි ජනබලවේගය පවසයි.

    එහි මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රි රංජිත් මද්දුමබණ්ඩාර මේ බව කියා සිටියේ ඡන්ද ක්‍රමයේ වෙනසක් සම්බන්ධයෙන් ජනමත විචාරණයක් පවත්වන බවට ජනාධිපතිපවරයා ඉකුත් දා කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

    පාර්ලිමේන්තුව මගින් මැතිවරණ ක්‍රමයේ සංශෝධනයක් සඳහා එකගත්වයකට පැමිණෙන්නේ නැත්නම් මාස 06 කින් පසු ජනමතවිචාරණයක් පැවැත්වීමට තමන් අදහස් කරන බව ජනාධිපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේය.

    මැතිවරණ පැවැත්වීමේ මාතෘකාව යටපත් කිරීම සඳහා ජනමතවිචාරණයක් සම්බන්ධයෙන් කථාබහක් නිර්මාණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර වැඩිදුරටත් කීය.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img