fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසකට පවරලා

    ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසකට පවරලා

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල, වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකිම් රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ.

    ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාත්, වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස රංජිත් සියඹලාපිටිය මහතාත්, වැඩබලන කාන්තා ළමා කටයුතු හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යවරිය ලෙස ගීතා කුමාරසිංහ මහත්මියත්, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත් මහතාත්, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස දිලුම් අමුණුගම මහතාත් පත් කිර තිබේ.

    බ්‍රිතාන්‍ය දෙවන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (17) මධ්‍යහනයේ ලන්ඩන් නුවරට ළගා විය.

    ලන්ඩන් නුවරට ළගා වූ ජනාධිපතිවරයා පිළිගැනීම වෙනුවෙන් පොදුරාජ්‍ය හා සංවර්ධන කාර්යාලයේ ඉන්දු පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ සහ ඉන්දියාවේ අධ්‍යක්ෂ බෙන් මෙලර් (Ben Mellor), බ්‍රිතාන්‍ය රජුගේ විශේෂ නියෝජිත උප ලුතිනන් ඩේවි ඊස්ටන් (Dave Easton) සහ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේන යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.

    හෙට (19) ලන්ඩනයේ වෙස්ට්මිනිස්ටර් ඇබේහි දී පැවැත්වෙන එළිසබෙත් මහ රැජිණගේ අවමංගල්‍ය උත්සවය සඳහා සහභාගීවන ජනාධිපතිතුමා ලබන බදාදා (21) අළුයම නැවත දිවයිනට පැමිණීමට නියමිතය.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.