තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඖෂධ හිඟය පොලිස් රෝහලටත් දැනේ - රෝගීන්ට දැඩි පීඩා

    ඖෂධ හිඟය පොලිස් රෝහලටත් දැනේ – රෝගීන්ට දැඩි පීඩා

    ඖෂධ සහ රසානායක පරික්ෂණ සඳහා රසායනික ද්‍රව්‍ය හිඟ හේතුවෙන් පොලිස් රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් දැඩි අපහසුතාවයකට මේ වන විට පත්ව සිටින බව පොලිස් තොරතුරු අනාවරණය කළේය.

    ඇතැම් ඖෂධ ලබාගැනීමට මෙන්ම පරික්ෂණ පිටතින්කරගැනීමට සිදුවීම හේතුවෙන් පොලිස් රෝහලින් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙණ රෝගීන් දැඩි පීඩනයකටද ලක්ව සිටිති.

    ඒ සම්බන්ධයෙන් පොලිස් රෝහලෙන් කළ සොයා බැලීමකදි අනාවරණය වූයේ ඖෂධ රැසක හිඟයක් මේ වන විට එහි පවතින බවය. එහෙත් රෝගීන් අවම අපහසුතාවයකට ලක්වන අයුරින් කටයුතු කිරීමට රෝහල් කාර්ය මණ්ඩලය පියවර ගෙන ඇතැයිද එම තොරතුරු අනාවරණය කළේය.

    රසායනාගාර පරීක්ෂණ සඳහා රසායනික ද්‍රව්‍ය හිඟයට මෙතෙක් නිසි විසදුම් ලැබී නොමැති බැවින් සිදුව ඇත්තේ ඒ සම්බන්ධ පරීක්ෂණ පෞද්ගලික රෝහල් රසායනාගරවලින් සිදු කිරීමට බවද එම තොරතුරු සඳහන් කළේය.

    ඔසු හලින් ලබාගන්නා ඖෂධවලට ඉකුත් 12 වෙනිදා වන විට රුපියල් 640ක් ගෙවීමට තිබුණු බවත් ඒ හේතුවෙන් 1 වෙනිදා පොලිස් රෝහලට ඖෂධ නිකුත් කිරීම පවා අත්හිටුවා තිබී ඇති බවත් පොලිස් රෝහල් තොරතුරු අනාවරණය කළේය. එම අවස්ථාවේදී රුපියල් මිලියන 200ක් එම මුදලින් ගෙවා දැමීමට පියවර ගැනීම හේතුවෙන් යම් ඖෂධ ප්‍රමාණයක් ඔසු සැලෙන් ලැබෙන බවද එම තොරතුරු වැඩිදුරටත් අනාවරණය කළේය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img