Home උණුසුම් පුවත් ගිනිඅවි සමඟ ඇල්ලූ බටපොල මන්ත්‍රී අද අධිකරණයට

ගිනිඅවි සමඟ ඇල්ලූ බටපොල මන්ත්‍රී අද අධිකරණයට

0
ගිනිඅවි සමඟ ඇල්ලූ බටපොල මන්ත්‍රී අද අධිකරණයට

සිය නිවසට මැයි 09 වෙනිදා ගිනි තැබීමෙන් පසු ආරක්ෂාවට ගිනි අවි තබාගත් බව ගිනි අවි දෙකක් සමඟ අත්අඩංගුවට ගත පොහෝට්ටුවේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් වන නාලක ද සිල්වා ප්‍රශ්න කිරීම් හමුවේ පොලීසියට පවසා තිබේ.

බටපොල පොල්ලෑව්වේ පදිංචි කරුවෙක් වන මෙම මන්ත්‍රීවරයා අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාව නියෝජනය කරන්නෙකි.

විශේෂ කාර්ය බලකායට ලද තොරතුරකට අනුව මෙම මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගෙන ඇත්තේ
රිපීටර් ගිනි අවියක් සහ පතොරම් තුවක්කුවක් සමගිනි. ඊට අමතරව විවිධ වර්ගයේ පතොරම් කිහිපයක්ද මෙම අවි සමඟ හමුවී ඇත.

විශේෂ කාර්ය බලකායේ සේනාධිධායක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර, බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වී.පී.රොහාන් කරුණාරත්න, විශේෂ මෙහෙයුම් අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී සාගර කුලසේකර යන මහත්වරුන්ගේ මඟපෙන්වීම යටතේ උප පොලිස් පරීක්ෂක වීරසිංහ ඇතුළු කණ්ඩායමක් විසින් වැටලීම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here