Home උණුසුම් පුවත් නොරෙච්චෝලේ ලක්විජය බලාගාරයේ ජැටියෙන් වැටී සේවකයෙක් අතුරුදන්

නොරෙච්චෝලේ ලක්විජය බලාගාරයේ ජැටියෙන් වැටී සේවකයෙක් අතුරුදන්

0
නොරෙච්චෝලේ ලක්විජය බලාගාරයේ ජැටියෙන් වැටී සේවකයෙක් අතුරුදන්

කල්පිටිය- නොරෙච්චෝලේ පිහිටි ලක් විජය තාප විදුලි බලාගාරයේ ජැටියෙන් වැටී එහි සේවය කරමින් සිටි කනිෂ්ඨ කාර්මික ශිල්පියෙකු මුහුදේ ගිලී අතුරුදහන්වී ඇති බව නොරචෝලේ පොලීසිය සදහන් කරයි.

16 වැනිදා දහවල් 12.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.

මුහුදේ ගිලී අතුරුදහන්වී ඇත්තේ පතිරාජ මුදියන්සේලාගේ හර්ෂ හේමන්ත ප්‍රියශාද් (අවු:32) නම් අයෙකි.

හෙතෙම පල්ලම – තෝරවටවන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මුහුදේ ගිලී අතුරුදහන්වූ කාර්මික ශිල්පියා සොයා නාවුක හමුදාව විමර්ශණයක් ආරම්භ කර ඇත.

ඒ සදහා නාවුක හමුදාවේ කිමිදුම් අංශයේ සහායද ලබා ගෙන ඇති බව පොලීසිය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here