Home උණුසුම් පුවත් කාබනික පොහොරෙන් මහ කන්නය වගාකරන වී ගොවීන්ට සහනාධාරයක්

කාබනික පොහොරෙන් මහ කන්නය වගාකරන වී ගොවීන්ට සහනාධාරයක්

කාබනික පොහොරෙන් මහ කන්නය වගාකරන වී ගොවීන්ට සහනාධාරයක්

මහ කන්නයේ දී කාබනික පොහොර භාවිතා කරන වී ගොවීන්ට රුපියල් 20,000ක සහනාධාරයක් ලබා දීමට මුදල් කමිටුවේ අනුමැතිය හිමිවී තිබේ.

මෙම සහනාධාරය සඳහා රජය වෙන් කිරීමට නියමිත මුදල රුපියල් මිලියන 16,000කි.

කාබනික පොහොර භාවිතා කිරීම දිරිමත් කිරීම සඳහා අදාල කමිටුවට මෙම යෝජනාව ඉදිරිපත් කරන ලද්දේ කෘෂිකර්ම, වනජීවි හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාය.

කෘෂිකර්ම අමාත්‍යවරයා මේ සම්බන්ධව අදහස් පළ කළේ ඊයේ (15) එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට සහභාගි වෙමිනි.

එළඹෙන 2022/23 මහ කන්නයේ දී 30%ක් කාබනික පොහොර හා 70%ක් රසායනික පොහොර යොදා වී වගා කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ.

රසායනික පොහොර භාවීතා කරන වී ගොවීන්ට මෙම කන්නයේ දී ද රුපියල් 10,000ක මුදලකට කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මිටියක් අක්කරයක් සඳහා නිකුත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අනුමැතිය ලබා දී තිබෙන බව ද අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here