දෙවෙනි එළිසබෙත් මහරැජිනියගේ රාජාභිෂේකයට සහභාගී වූ දෙමාපියන්ගේ දරුවන් ලෙස රැජිනියගේ රාජකීය අවමගල්‍යයට සහභාගී වන්නන් දෙදෙනාගෙන් කෙනෙකු වීමේ අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට හිමිවී තිබේ. එය බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ඉතිහාස පොතට එක්වීමේ සුවිශේෂි අවස්ථාවක් වේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එලිසබෙත් මහරැජිණගේ රාජකීය අවමංගල්‍යයට සහභාගීවිම සඳහා ලන්ඩන් නුවරට යාමට නියමිත ය. මෙහි අනෙක් තැනැත්තිය වන්නේ නෙදර්ලන්ත හිටපු රැජිනිය වන බිට්‍රික්ස් කුමරියයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෙමාපියන් වන එස්මන්ඩ් වික්‍රමසිංහ මහතා සහ නාලනී වික්‍රමසිංහ මහත්මිය 1952 පෙබරවාරි මාසයේ පැවැති එලිසබෙත් මහරැජිනගේ කිරුළ පැලදීමේ රාජාභිෂේක උත්සවයට සහභාගී වූයේ අගමැති ඩඩ්ලි සේනානායක මහතා සමගිනි.
එසේම බිට්‍රික්ස් කුමරියගේ දෙමාපියන් ද රාජකීයන් ලෙස රාජාභිෂේකයට සහභාගී වී තිබේ. ලෝක ඉතිහාසයේ මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයන් ලෙස මොවුන් ඉතිහාස පොතට එක් වනු ඇත.
මහරැජිනියගේ රාජාභිෂේකයේදී වූ එවක අගමැති ඩඩ්ලි සේනානායක මහතාට වූ සුවිශේෂි සිදුවීමක කතාවක් ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය දා සිය කාර්ය මණ්ඩලය හමුවේ ප්‍රකාශ කළේය. එය මෙසේය.
එවකට ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනය යටතේ පැවැති ඩොමීනියන් රාජ්‍යයකි. රාජාභිෂේක මංගල්‍යයට ගිය පොදු රාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායකයන් අතරින් ඉන්දීය අගමැති ජවහල්ලාල් නේරුට හා පකිස්ථාන රාජ්‍ය නායකයාට තනි තනිව ගමන් කිරීමට අශ්වාරෝහක රථ පිළියල කර තිබුනි. එහෙත් ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ගමන් කිරීමට වෙන කර තිබුණේ ටොංගෝ රාජ්‍යයේ අගමැතිනිය සමඟය.
මෙය නොරිස්සු අගමැති ඩඩ්ලි උස කාන්තාවක් වූ ටෝංගෝ රාජ්‍ය නායිකාව සමඟ ගමන් කිරීම ප්‍රතික්ෂේප කළේය. පසුව මෙම ගැටළුව විසදීමට මැදිහත් වූවේ එස්මන්ඩ් වික්‍රමසිංහ මහතාය. ඔහු මැදිහත්ව මේ ප්‍රශ්නය විසදා ඩඩ්ලි සේනානායක අගමැතිවරයාට ද තනිව ගමන් කිරීමට අශ්ව කරත්තයක් වෙන් කර ගෙන තිබුනි.
එම ඉතිහාසය නැවත ලියවෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙවර මහරැජිනියගේ රාජකීය අවමංග්‍යයට ශ්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් ශෝකය ප්‍රකාශ කිරීමට ලන්ඩනය බලා පිටත්ව යාමට නියමිතය.
ලෝක ඉතිහාසයේ රජ පවුලෙන් පරිබාහිරව මෙවැනි අවස්ථාවක් හිමි වූ ප්‍රථමයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉතිහාස පොතට එක් වන්නේය.