Home උණුසුම් පුවත් අමෙරිකාවේ සෙනෙට් සභාවට ශ්‍රී ලංකාව ගැන ඉල්ලීමක්

අමෙරිකාවේ සෙනෙට් සභාවට ශ්‍රී ලංකාව ගැන ඉල්ලීමක්

අමෙරිකාවේ සෙනෙට් සභාවට ශ්‍රී ලංකාව ගැන ඉල්ලීමක්

අමෙරිකාවේ සෙනෙට් සභිකයින් පිරිසක් ශ්‍රී ලංකාවට ආර්ථික සහය සහ උපදෙස් ඉල්ලා යෝජනාවක් ඉදිරිපත් කර ඇත.

සෙනෙට් සභිකයින් වන බොබ් මැන්ඩේස්, ඩික් ඩර්බින්, පැට්‍රික් ලීහයි සහ කොරි බුකර් විසින් මෙම යෝජනාව අමෙරිකානු කොන්ග්‍රසය ඉදිරියේ සභාගත කර ඇත.

මෙම යෝජනාව මගින් ශ්‍රී ලාංකික ජනතාවගේ සාමකාමී ප්‍රජාතන්ත්‍රවාදී සහ ආර්ථික අභිලාෂයන්ට සහය දක්වන අතර, සාමකාමීව විරෝධතා දැක්වීම ඇතුළු ශ්‍රී ලාංකිකයන්ගේ නීත්‍යානුකූල අයිතීන්ට ගරු කරන ලෙස ශ්‍රී ලංකා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටී.

එමෙන්ම සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් , දෙමළ, මුස්ලිම්, සහ අනෙකුත් ආගමික සහ වාර්ගික සුළු ජාතීන් ඇතුළුව විරුද්ධ පක්ෂ සමඟ කටයුතු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here