Home උණුසුම් පුවත් ටෙනිස් පිටියෙන් සමුගන්න යන විශිෂ්ටයා

ටෙනිස් පිටියෙන් සමුගන්න යන විශිෂ්ටයා

0
ටෙනිස් පිටියෙන් සමුගන්න යන විශිෂ්ටයා

මෙතෙක් බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයෙකු වන රොජර් ෆෙඩරර් මේ මස ලන්ඩනයේ පැවැත්වෙන ලැවර් කුසලාන තරගාවලියෙන් පසු ටෙනිස් පිටියෙන් සමුගැනීමට නියමිතව ඇත.

20 වතාවක් ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරයා වන ඔහු දණහිසේ සිදු කළ තුන්වැනි සැත්කමින් පසු 2021 වසරේ සිට මේ දක්වා විම්බල්ඩන් තරගාවලිය ක්‍රීඩා කර නැත.

41 හැවිරිදි ස්විට්සර්ලන්ත ජාතික ෆෙඩරර් බී.බී.සී ක්‍රීඩා අංශයට අදහස් දක්වමින් “මගේ ශරීරය මට මෑතකදී දුන් පණිවිඩය පැහැදිලියැයි පවසා තිබේ.

"මම වසර 24ක් පුරා තරග 1500කට වඩා ක්‍රීඩා කර තිබෙනවා. මගේ තරගකාරී දිවිය අවසන් කිරීමට කාලය පැමිණ තිබෙන්නේ කවදාදැයි මම දැන් හඳුනා ගත යුතුයි." රොජර් ෆෙඩරර් පවසයි.

"ටෙනිස් ක්‍රීඩාවට මම ආදරය කරනවා ඒ වගේම කිසි විටෙකත් ඔබව අත් නොහරිමි."

පසුගිය ගිම්හානයේ විම්බල්ඩන් හී අර්ධ අවසන් පූර්ව වටයේදී Hubert Hurkacz හමුවේ පරාජය වීමෙන් පසුව ඔහු තරඟකාරී තරඟයක් ක්‍රීඩා කර නොමැත.

2020 දී මීට පෙර සැත්කම් දෙකක් කර තිබූ ඔහුගේ දණහිසට තවත් සැත්කමක් අවශ්‍ය බව ඔහු පසුව නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here