යාපනය, සිල්ලාලෙයි ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ ඊයේ (28) කළ විශේෂ මෙහෙයුමකින් කිලෝ 240 කට අධික කේරළ ගංජා තොගයක් නාවික හමුදාව සොයාගෙන තිබේ.
මලු 07ක පාර්සල් 105 ක් වශයෙන් ජාකොටුවක සූක්‍ෂම ලෙස සඟවා මෙම කේරළ ගංජා තොගය සගවා තිබී ඇත.
නාවික හමුදාව සිදුකරනු ලබන නිරන්තර මෙහෙයුම් හේතුවෙන් ජාවාරම්කරුවන්ට මෙම කේරළ ගංජා තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව මෙලෙස ජාකොටුවක සඟවා තබන්නට ඇතැයි නාවික හමුදා මාධය අංශය සදහන් කරයි.
මෙම කේරළ ගංජා තොගයේ වටිනාකම රුපියල් මිලියන 72ට අධික වන බව නාවික හමුදාව සදහන් කරයි.
කොව්ඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ සියළු සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් අනුගමනය කරමින් සිදු කළ මෙම මෙහෙයුම මගින් නාවික හමුදා භාරයට ගත් කේරළ ගංජා තොගය ගිනි තබා විනාශ කිරීමට කටයුතු කරන ලදි..




