Home උණුසුම් පුවත් ඖෂධ හිඟය ගැන ඇහෙන අලුත්ම කතාව

ඖෂධ හිඟය ගැන ඇහෙන අලුත්ම කතාව

ඖෂධ හිඟය ගැන ඇහෙන අලුත්ම කතාව

රට තුළ ඇති ඖෂධ හිඟය තවත් මාස 03ක් පමණ පවතිනු ඇතැයි ශ්‍රී ලංකා ඖෂධවේදීන්ගේ සංගමය පවසයි. 

එහි සභාපති, ඖෂධවේදී කපිල ද සොයිසා පැවසුවේ ඖෂධ මිලදී ගැනීම සඳහා රාජ්‍ය ආයතන සතුව ප්‍රමාණවත් මුදල් නොමැති බවට ඊයේ පැවති සාකච්ඡාවකදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රකාශ කළ බවයි.

හදිසි මිලදී ගැනීම් හරහා හෝ රටට අවශ්‍ය ඖෂධ මිලදී ගැනීමට රජය කටයුතු කළ යුතු බවයි.

පවතින තත්ත්වය හමුවේ රෝගාබාධවලට ගොදුරු නොවී හැකිතාක් පරිස්සම්වීම මේ මොහොතේ කළ හැකි හොඳම කාර්ය බව ඖෂධවේදී කපිල ද සොයිසා වැඩිදුරටත් කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here