Home උණුසුම් පුවත් විහාරාධිපති හිමිනම ඝාතනයෙන් පසු රට පනින්න හැදූ ගෝල හිමි ගුවන්තොටේදී කොටුවේ

විහාරාධිපති හිමිනම ඝාතනයෙන් පසු රට පනින්න හැදූ ගෝල හිමි ගුවන්තොටේදී කොටුවේ

0
විහාරාධිපති හිමිනම ඝාතනයෙන් පසු රට පනින්න හැදූ ගෝල හිමි ගුවන්තොටේදී කොටුවේ

සීදූව වෑත්තෑව නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති
නැදගමුවේ මහනාම හිමි ඝාතනයකර පළාගිය එම බවිහාරස්ථානයේ වැඩ වාසය කළ උන්වහන්සේගේ ගෝලයෙක් වන ඒකල විජිත හිමියන් ඩුබායි බලා පළායාමට ගුවන්තොටුපොල පැමිණ සිටියදී අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

විහාරාධිපතිහිමියන්ව ඝානයකර උන්වහන්සේට අයත්ව තිබුණු ඩිපෙන්ඩරයකත් වැගන් ආර් රථයකත් ලියාපංදි කිරීමේ ලේඛන සොරාගෙන එම වාහන දෙකම මෙම සැකකාර හිමිනම විසින් විකුණා දමා ඇති බවද අනාවරණය වී තිබේ. ඩිපෙන්ඩරය අලෙවිකර ඇතැයි පෙනී යන්නේ රුපියල් ලක්ෂ 135කටය. වැගන් ආර් වර්ගයේ රථය අලෙවිකර ඇත්තේ රුපියල් ලක්ෂ 56කටය.

එම වාහන දෙකම අලෙවිකර ඇත්තේ 12 වෙනිදා උන්වහන්සේව මරා දැමීමෙන් පසුව බවද හෙළිවී තිබේ.

වයස අවුරුදු 19ක් වන මෙම සැකාකර හිමිනමගෙන් මේ වන විට පොලීසිය දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිටින අතර වාහන දෙක සොයා ගැනීමටත් වාහන විකුණා ලබාගත් මුදල් සොයා ගැනීමටත් විමර්ශන ක්‍රියාත්මකය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here