තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශපාලන පළිගැනීමට ලක්වූ සේවක පිරිසකට තාමත් හිඟ පඩිත් නෑ පෙන්ෂනුත්...

    සෞඛ්‍ය අමාත්‍යාංශයේ දේශපාලන පළිගැනීමට ලක්වූ සේවක පිරිසකට තාමත් හිඟ පඩිත් නෑ පෙන්ෂනුත් නෑ

    සෞඛ්‍ය අමාත්‍යාංශයට 2003 වසරේ බඳවා ගෙන පසුව දේශපාලන පළිගැනීමට ලක් වූ සෞඛ්‍ය සේවකයින් පිරිසකට තවමත් සාධාරණය ඉටු වී නැතැයි සෞඛ්‍ය සේවා සංගමයේ ලේකම් ඕ විමලසේන මහතා පැවසීය.

    එම සෞඛ්‍ය සේවකයින්ට මෙතෙක් හිඟ වැටුප් ලැබී නැති අතර තවත් පිරිසකට විශ්‍රාම වැටුප් ලැබී නැතැයි ද විමලසේන මහතා කීය.

    දේශපාලන පළිගැනීමකට ලක්ව සිටින මෙම සෞඛ්‍ය සේවකයින්ට සාධාරණය හෙට කරදෙන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිමින් ජනාධිපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජෙනරාල් සමන් රත්නප්‍රිය මහතාට ලිපියක් භාරදුන් බව ද ඔහු කීය.

    සෞඛ්‍ය සේවකයින් පිරිසක 2003 වසරේ දී බඳවා ගත් අතර ආණ්ඩු පෙරළියෙන් පසුව 2004 වසරේ දී සේවයෙන් පහකල බවද ඔහු කීය.

    ඉන්පසු අධිකරණ තීන්දුවකින් එම සෞඛ්‍ය සේවකයන් 36 දෙනකු 2008 වසරේදී තවත් සේවකයින් 239 දෙනෙකු 2011 වසරේදී සේවයට බඳවා ගත් බවද ඔහු කීය.

    2015 බලයට පත් ආණ්ඩුව පත්කළ දේශපාලන පලිගැනීම් පිළිබඳ සොයා සොයාබැලීමේ කමිටුව මගින් එම සෞඛ්‍ය සේවකයින්ට සේවයෙන් ඉවත් කර සිටි කාලයට අදාළව හිඟ වැටුප් ගෙවන ලෙස තීන්දු කළ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශය මේ දක්වා එම හිඟ වැටුප් ගෙවා නැතැයි ද විමලසේන මහතා කීය.

    එම සෞඛ්‍ය සේවකයින්ගෙන් 12 දෙනෙකු මේ වන විට විශ්‍රාම ගොස් තිබෙන අතර ඔවුන්ට විශ්‍රාම හෝ අනෙකුත් සහන කිසිවක් මෙතෙක් ලැබී නැතැයි ද ඔහු සඳහන් කළේය.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img