මෙරට කොවිඩ්-19 රෝගීන්ගේ මරණ 06 ක් අද (28) තහවුරු කර තිබේ.
ඒ අනුව ශ්‍රී ලංකාවෙන් වාර්තා වන මූළු කොවිඩ්- 19 ආසාදිත රෝගින්ගේ මරණ
සංඛ්‍යාව 661 කි.
මේ අතර අද දිනයේ තුළ පමණක් කොවිඩ් ආසාදිතයින් 1451ක් හඳුනාගෙන තිබේ.
අද වාර්තා වූ covid -19 ආසාදනයෙන් මියගිය පුද්ගලයන්ගේ විස්තර පහත දැක්වේ.
- පල්ලේගම ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමියෙකි. මාවනැල්ල මූලික රෝහලේ
ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 අප්‍රේල් 25 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නිව්මෝනියාව ය. - වීරපොකුණ ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි කාන්තාවකි. හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී කොවිඩ් 19 ආසාදිතයෙකු ලෙස හඳුනා ගැනීමෙන් පසුව හෝමාගම මූලික රෝහල වෙන මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 202] අප්‍රේල් 27 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාව සහ ලේ විෂවීම වේ.
- හාලිඇල ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පිරිමියෙකි. බදුල්ල මහ රෝහලේ ප්‍රතිකාර
ලබමින් සිටියදී නෙල්දෙණිය මූලික රෝහල වෙත මාරු කර යවා ඇති අතර එම රෝහලේ දී 2021 අප්‍රේල් 28 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ උග්‍ර කොවිඩ් නියුමෝනියාවයි. - මාවනැල්ල ප්‍රදේශයේ පදිංචි 65 නැවීරිදි කාන්තාවකි. මාවනැල්ල මූලික රෝහලේ
ප්‍රනිකාර ලබමින් සිට 2021 අප්‍රේල් 23 චන දින කොතලාවල ආරක්ෂ විද්‍යා පීඨ රෝහල වෙන මාරු කර යවන අවස්ථාවේ දී මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් -19 ආසාදනය හේතුවෙන් උග්‍ර වූ හෘද රෝගී තත්ත්වයයි. - නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි 66 හැවිරිදි පිරිමියෙකි. වතුපිටිවල මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර 2021 අප්‍රේල් 24 වන දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් 19 ආසාදනය හේතුවෙන් සිදු වූ පෙනහළු ආසාදනයයි.
- වත්තල ප්‍රදේශයේ පදිංචි 69 හැවිරිදි පිරිමියෙකි. වැලියර ලය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 2021 අප්‍රේල් 27 දින මියගොස් ඇත. මරණයට හේතුව ලෙස දැක්වෙන්නේ කොවිඩ් නියුමෝනියාවයි.