Home දේශීය පුවත් උණුසුම් පුවත් රට ලොක්ඩවුන් කිරීමක් නෑ. තම තමන්ගෙ ප්‍රදේශය අගුලු වැටෙන්න පුළුවන් – හමුදාපති

රට ලොක්ඩවුන් කිරීමක් නෑ. තම තමන්ගෙ ප්‍රදේශය අගුලු වැටෙන්න පුළුවන් – හමුදාපති

රට ලොක්ඩවුන් කිරීමක් නෑ. තම තමන්ගෙ ප්‍රදේශය අගුලු වැටෙන්න පුළුවන් – හමුදාපති

රට ලොක්ඩවුන් කිරීමක් නෑ.ආසාධිතයන් හමුවීම ඉහළ යන ග්‍රාම නිලධාරී කොට්ඨාසය, ප්‍රාදේශීය බල ප්‍රදේශ අගුලු වැටීමේ අවදානම අනුව ජනතාවට ඊට සූදානමින් පසුවන ලෙස දැනුම් දෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මීට සුළු මොහොතකට පෙර නිවුස් වේව් වෙබ් අඩවියට පැවසීය.

සමාජ මාධ්‍ය ඔස්සේ රට ලොක් ඩවුන් කරන බවට හමුදාපති ප්‍රකාශ කර ඇතැයි පැතිරයන ප්‍රකාශයට පිළිතුරු දෙමින් හෙතම මේ බව කියා සිටියේය.

අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය නිවසේ තබා ගන්නැයි ජනතාව දැනුවත් කරනු ලැබුවේ ග්‍රාමීය වශයෙන් හෝ ප්‍රාදේශීය වශයෙන් අගුලු දැමීම්වල දී ඔවුන්ට සිදුවන අපහසුතා මගහැරීමට බව ද යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here