තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය ආයතනවල අයවැය හදද්දී වියදම් පාලනය අනිවාර්ය කෙරේ

    රාජ්‍ය ආයතනවල අයවැය හදද්දී වියදම් පාලනය අනිවාර්ය කෙරේ

    රාජ්‍ය වියදම් පාලනය කිරීම සඳහා විධිවිධාන දැඩිව අනුගමනය කළ යුතු බවට මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා විසින් රාජ්‍ය ආයතන ප්‍රධානීන්ට දැනුම් දී තිබේ.

    ඒ ලබන වසරට අයවැය ඇස්තමේන්තු සකස් කිරීම සඳහා මුදල් අමාත්‍යංශය විසින් මාර්ගෝපදේශ නිකුත් කරමිනි.

    2023 අයවැය සකස් කිරීමේ මූලික තේමාව විය යුත්තේ අවම යෙදවුම් තුළින් පරිවර්තනීය වෙනසක් සිදුකිරීම යන්න බවත් එය සෑම රාජ්‍ය ආයතනයකම පොදු අරමුණ බවට පත්කර ගතයුතු බවත් මුදල් අමාත්‍යාංශය පෙන්වා දී තිබේ.

    සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්ට, පළාත් සභා ප්‍රධාන ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සභාපතිවරුන්ට ඒ සම්බන්ධයෙන් වන ජාතික අයවැය චක්‍රලේඛය මුදල් අමාත්‍යාංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතා විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

    ඒ අනුව 2023 – 2025 මැදිකාලීන අයවැය රාමුවට අනුකූලව 2023 වාර්ෂය සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීම පිළිබඳ මාර්ගෝපදේශ ලබාදීම එම චක්‍රලේඛයේ අරමුණ වී තිබේ.

    මෙහිදී ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සකස් කිරීමේදී පිළිපැදිය යුතු මාර්ගෝපදේශ ප්‍රකාශයට පත්කර ඇත.

    නිකුත් කර ඇති මාර්ගෝපදේශවලට අනුව සියලු රාජ්‍ය ආයතනවල ලබන වසර සඳහා අයවැය ඇස්තමේන්තු සැප්තැම්බර් 14 වන දින හෝ ඊට ප්‍රථම ලබාදෙන ලෙස මුදල් අමාත්‍යංශය විසින් දැනුම් දී තිබේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img