ඩුබායි ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ලබන ඉරිදා (11) පැවැත්වෙන ආසියානු කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය සමත් වී තිබේ.
ඇෆ්ගනිස්ථානය සමග අද (07) පැවැති තරගය ජය ගැනීමට සමත්වීමත් සමග පාකිස්ථානය ශ්‍රී ලංකාව අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තේය. ඒ අනුව ඉන්දියාව සහ ඇෆ්ගනිස්ථානයට අවසන් මහා තරගයට යාමට තිබූ බලාපොරොත්තු මෙම තරග ප්‍රතිඵලය සමග නැතිවී ගියේය.
අද පැවැති තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්ථානු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 129ක් ලබා ගත්තේය. එහි පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පකිස්ථානු ක්‍රීඩකයන් පන්දුවාර 19.02 කදී සිය ඉලක්කයට ළගාවූයේ කඩුලු 9ක් දැවී ඉතා අසීරු තැනකට පත්ව සිටියදීය.
ෆස්ලාක් පාරුක් යැවූ විසිවැනි පන්දුවාරයේ පළමු පන්දු දෙකට පිට පිට හයේ පහර දෙකක් එල්ල කළ නසීම් ෂා පාකිස්ථානය අවසන් මහා තරගයට රැගෙන ගියේය.
ඇෆ්ගනිස්ථානය 129 /6 (20)
පාකිස්ථානය 131/9 (19.2)