Home දේශීය පුවත් වනාතවිල්ලුවේ අවිගබඩාවට සම්බන්ධ සහරාන්ගේ ගෝලයින් 06 කට අධිචෝදනා

වනාතවිල්ලුවේ අවිගබඩාවට සම්බන්ධ සහරාන්ගේ ගෝලයින් 06 කට අධිචෝදනා

0
වනාතවිල්ලුවේ අවිගබඩාවට සම්බන්ධ සහරාන්ගේ ගෝලයින් 06 කට අධිචෝදනා

සහරාන් විසින් පවත්වාගෙන ගිය වනාතවිල්ලුවේ පිහිටි පුපුරන ද්‍රව්‍ය කදවුරට සම්බන්ධ සැකකරුවන් 06 දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් අද (28) පුත්තලම මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතින් සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීමේ පනතින් නීතිපතිවරයා විසින් මෙම අධිචෝදනා ගොනුකර ඇත.

වනාතවිල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කදවුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වැටලීමට ලක්කළේ 2019 වසරේ ජනවාරි 16 වෙනිදාය. එම අවස්ථාවේදී එහි සිටියදී අත්අඩංගුවට ගත් මොහොමඩ් මුෆීස්, මොහොමඩ් හමාස් යන දෙදෙනාටත් එම කදවුරේදී අන්තවාදීන්ට ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය භාවිතා කිරීමට පුහුණුව ලබාදුන්නේ යැයි කියන මාවනැල්ලේ බුදුපිළිම හානි කිරීමට සම්බන්ධ ඊබ්‍රාහිම් සාදික් අබ්දුල්ලාටත් වව්නතිව්හීදී පොලිස් නිලධාරීන් දෙදෙනෙක් ඝාතනයකර පැහැරගත් ගිනි අවි මෙම කදවුරට රැගෙනවිත් සැගවීමට සම්බන්ධ වූ ගෆූර් මාමා නැමැත්තාටත්, සහරාන්ගේ කල්ලියේ න්‍යායාචාර්ය ලෙස සැලකෙන නෞෆර් මවුලවි සහ ඔහු සමග දඹුල්ලේදී පොලීසියට හසුවූ මොහොමඩ් සජිඩ් නැමැති සැකරුවන්ට එරෙහිව නීථිපතිවරයා අධිචෝදනා ගොනුකර තිබේ.‍

මෙම නඩුව ත්‍රී පුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගය පවත්වන ලෙස ද නීතිපතිවරයා ඉල්ලා ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here