Home උණුසුම් පුවත් ප්‍රවීණ නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට

ප්‍රවීණ නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට

0
ප්‍රවීණ නිළි දමිතා අබේරත්න අත්අඩංගුවට

ජනාධිපති ලේකම් කාර්යාලයට බලහත්කාරයෙන් කඩා වැදීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් සැක පිට ප්‍රවීණ රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය කොළඹ උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අද රාත්‍රී කාලයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

බත්තරමුල්ල දියත උයන ප්‍රදේශයේ දී ඇය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.

මේ වන විට ඇයව කොළඹට රැගෙන විත් දීර්ඝ ලෙස ප්‍රකාශයක් ලබා ගනිමින් ඇති බව පොලීස් තොරතුරු අනාවරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here