
ග්ලයිෆොසේට් ආනයනයට අවසර ලබාදෙන ආනයන හා අපනයන(පාලන) පනත යටතේ රෙගුලාසි සඳහා විවාදයකින් තොරව ඊයේ(06) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.
ඒ වැවිලි ක්ෂේත්‍රය සඳහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් ආනයනයට අවසර ලබා දීමට අදාළව 1969 අංක 1 දරන ආනයන හා අපනයන (පාලන) පනත යටතේ පනවන ලද රෙගුලාසි සදහා ය.
මෙම රෙගුලාසි ඇතුළත් අංක 2291/44 දරණ අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව මෙහි දී ග්ලයිෆෝසේට් සදහා ආනයන බලපත්‍ර නිකුත් කිරීම සිදුවේ.
වැවිලි ක්ෂේත්‍රය සදහා වල්නාශකයක් ලෙස යොදා ගන්නා ග්ලයිෆෝසේට් භාවිතයෙන් ඇතිවිය හැකි සෞඛ්‍යමය බලපෑම් සැලකිල්ලට ගනිමින් ග්ලයිෆෝසේට් ආනයනය තහනම් කළ ද තේ සහ රබර් වගාවල අපනයනයට පවතින බාධා සහ වැලිගම පොල් කොළ මැලවීමේ රෝගය මර්දනය කිරීමේ අවශ්‍යතාව ආදි හේතු නිසා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාගේ නිර්දේශයට යටත්ව ග්ලයිෆෝසේට් ආනයනය කිරීමේ අවශ්‍යතාව පිළිබදව මෙම පනත් කෙටුම්පත පසුගියදා රජයේ මුදල් පිළිබද කාරක සභාවේ දී සලකා බැලූ අවස්ථාවේදී සාකච්ඡා විය.
මීට අදාළ ගැසට් පත්‍රය පහත දැක්වේ.
[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/2291-44_S.pdf”]