Home උණුසුම් පුවත් පළමු පාසල් වාරය අදින් අවසන්

පළමු පාසල් වාරය අදින් අවසන්

පළමු පාසල් වාරය අදින් අවසන්

රජයේ සහ රජයේ අනුමත පාසල්වල 2022 අධ්‍යයන වර්ෂයේ පළමු පාසල් වාරය අදින් අවසන් වේ.

ඒ අනුව මේ වර්ෂයේ දෙවන පාසල් වාරය මේ මස 13 වැනි අඟහරුවාදා සිට ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

covid වසංගතය හේතුවෙන් නියමිත පරිදි පාසල පැවැත්වීමට නොහැකි වූ නිසා පළමු වාරය අවසන් කිරීමට ප්‍රමාද වූ බවත් කඩිනමින් දෙවන වාරය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බවත් අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

මේ වසරේ අවසන් පාසල් වාරය 2023 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත බවද අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here