මුල් පිටුව උණුසුම් පුවත් දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක් – හෙටත් මහ වැසි

දිස්ත්‍රික් 5කට නායයාම් අවදානමක් – හෙටත් මහ වැසි

0

දිවයිනේ ප්‍රදේශ රැසකට බලපා ඇති අධික වැසි තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට නායයාම් අවදානම් පිළිබඳ අනතුරු අඟවා තිබේ.

ඒ අනුව මහනුවර (උඩුනුවර) , කෑගල්ල(රඹුක්කන, කෑගල්ල, රුවන්වැල්ල, යටියන්තොට, බුලත්කොහුපිටිය සහ මාවනැල්ල) , කුරුණෑගල (මල්ලවපිටිය), නුවරඑළිය (අඹගමුව), රත්නපුර (කුරුවිට සහ කලවාන) යන ප්‍රදේශවලට මෙලෙස අනතුරු අඟවන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය කියාසිටියි.

මේ අතර හෙට(06) දිනයේ ද බස්නාහිර, සබරගමුව සහ වයඹපළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද වැසි ඇතිවිය හැක.

උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවිය හැක.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන පැ.කි.මී. 50 ක පමණ තද සුළං ඇතිවිය හැක.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. හෙට (06) දින දහවල් 12:09 ට බෙන්තොට (කළුතර දිස්ත්‍රික්කය), පොතුපිටිය (රත්නපුර දිස්ත්‍රික්කය), බෝදාගම(මොණරාගල දිස්ත්‍රික්කය) යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතී.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version