මුල් පිටුව special බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරියගේ නම තීන්දුයි

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරියගේ නම තීන්දුයි

0

බ්‍රිතාන්‍යයේ නව අග්‍රාමාත්‍යවරිය වශයෙන් කන්සර්වේටිව් පක්ෂයේ නායක්තව දිනාගත් ලිස් ට්‍රස් හට හිමිවීමට නියමිත බව වාර්තා වේ.

සති කිහිපයක සිට බ්‍රිතාන්‍ය නව නායකත්ව සම්බන්ධයෙන් විශාල ජාත්‍යන්තර අවදානයක් දිනාගැනීමට සමත්ව තිබිණි.

ඒ අනුව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යධුරයට සහ කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වයට ට්‍රස් සහ හිටපු මුදල් අමාත්‍යා රිෂි සුනක් අතර දැඩි තරඟයක් පැවතිණි.

එහිදී අද පැවති ඡන්ද විමසීමේදී සුනක් හට ඡන්ද හැටදහස් තුන්සිය අනූනවයක් ද ට්‍රස් ඡන්ද අසූ එක්දහස් තුන්සිය විසිහයක් දිනා ගැනීමට සමත් විය.

කන්සර්වේටිව් පක්ෂයේ නායකත්වය දිනා ගැනිමත් සමගම ට්‍රස් නව බුදු ප්‍රතිපත්ති සම්බන්ධයෙන් අනාවරණය කර තිබිණි.
ඒ අනුව බදු කපාහරිමින් ජනතාවට සහන සලසන බවටද ඇය එහීදී ප්‍රතිඥා දී තිබේ.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version