තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ජනපතිගෙන් පාකිස්ථාන අගමැතිට ඇමතුමක්

    ජනපතිගෙන් පාකිස්ථාන අගමැතිට ඇමතුමක්

    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පාකිස්ථාන අගමැති මුහම්මද් ෂෙබාස් ෂරීෆ් මහතා වෙත පසුගියදා(03) දුරකතන ඇමතුමක් ඔස්සේ සාකච්ඡාවක් පැවැත්වූ බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

    පාකිස්ථානයේ මෑතදී සිදුවූ ගංවතුරෙන් වූ විනාශය පිළිබඳව ජනාධිපති වික්‍රමසිංහ මහතා එහිදී ශෝකය ප්‍රකාශ කර ඇති අතර සිදුවූ ජීවිත හානි පිළිබඳව අගමැති ෂෙබාස් ෂරීෆ් සමඟ ශෝකය පළ කර ඇත. අනපේක්ෂිත ස්වභාවික විපතට අධිෂ්ඨානශීලීව මුහුණ දුන් පාකිස්ථාන රජයට සහ ජනතාවට ජනාධිපතිවරයා මෙහිදී සහයෝගය පළ කර තිබේ.

    ගංවතුර හේතුවෙන් මිනිස් ජීවිත මෙන්ම ජීවනෝපාය, පශු සම්පත්, භෝග, දේපළ සහ යටිතල පහසුකම් විශාල වශයෙන් විනාශ වී ඇති බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී ජනාධිපතිවරයා වෙත අවධාරණය කළේය.

    පාකිස්ථානයේ සහ විදේශයන්හි සිටින ජනතාවට ගංවතුර සහන සේවා කටයුතු සඳහා පරිත්‍යාග කළ හැකි සහන අරමුදලක් පිහිටුවීම ඇතුළු රජයේ මනා සම්බන්ධීකරණයෙන් යුත් මානුෂීය ප්‍රතිචාරය පිළිබඳව ද අග්‍රාමාත්‍යවරයා විසින් මෙහිදී ජනාධිපති වික්‍රමසිංහ මහතා දැනුවත් කළේය.

    එමෙන්ම දෙරටේ අන්‍යෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන ක්ෂේත්‍රවල සහෝදර සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ද දෙරටේ නායකයන් මෙහිදී කැමැත්ත පළ කළහ.

    ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත් වූ ජනාධිපති වික්‍රමසිංහ මහතා වෙත අග්‍රාමාත්‍යවරයා මෙහිදී සුබපැතුම් ද එක්කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img