Home උණුසුම් පුවත් අම්බලන්ගොඩ ඝාතන රැල්ල මැඩලීමට අජිත් රෝහණගෙන් දැඩි තීරණයක්

අම්බලන්ගොඩ ඝාතන රැල්ල මැඩලීමට අජිත් රෝහණගෙන් දැඩි තීරණයක්

0
අම්බලන්ගොඩ ඝාතන රැල්ල මැඩලීමට අජිත් රෝහණගෙන් දැඩි තීරණයක්

අම්බලන්ගොඩ පොලිස් වසමේ එකදිගට සිදුවන ඝාතන රැල්ල මැඩපැවැත්වීමට ඝාතකයන් හඹාගොස් ප්‍රතිප්‍රහාර එල්ලකිරීමට බලය ලබාදෙමින් 40 දෙනෙකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කිරීමට දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පියවර ගෙන තිබේ.

ජුනි 26 වෙනිදා සිට මේ දක්වා අම්බලන්ගොඩ පොලිස්වසම තුළ වෙඩි තැබීම් 04ක් සිදුව ඇති බවත් එම වෙඩිතැබීම්වලින් 06 දෙනෙක් මියගොස් ඇති බවත් අජිත් රෝහණ මහතා සඳහන් කරයි.

පවුල් දෙකක් අතර හටගත් ආරවුලක් මේ වන විට පාතාලයේ ගැටුමක් බවට පත්ව ඇතැයිද අජිත් රෝහණ මහතා පැවසීය.

එබැවින් මෙම ඝාතන රැල්ල මැඩලීමට පාතාල අපරාධකරුවන් හඹාගොස් පහරදීමට දක්ෂ නිලධාරීන්ගෙන් සමන්විත නිලධාරීන් කණ්ඩායමක් තොරා අම්බලන්ගොඩ පොලිස් ස්ථානයට අනුයුක්ත කිරීමට පියවර ගත් බව අජිත් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here