තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ඉන්දියාවේ කොවිඩ් ගැන නරකම අනාවැකිය අස්සේ භූ කම්පනයක්

    ඉන්දියාවේ කොවිඩ් ගැන නරකම අනාවැකිය අස්සේ භූ කම්පනයක්

    කොරෝනා වසංගතයෙන් අධික ලෙස පීඩා විඳිමින් සිටින අතරතුර ඉන්දියාවේ අසාම්හි රිච්ටර් මාපකයේ ඒකක 6.0 ක ප්‍රබල භූමිකම්පාවක් සිදුවූ බව එක්සත් ජනපදයේ භූ විද්‍යා සමීක්ෂණ ආයතනය (යූඑස්ජීඑස්) පැවසුවේ බදාදා සිදු වූ බවයි.

    යූඑස්ජීඑස් පවසා ඇත්තේ එහි කේන්ද්‍රස්ථානය ඇසෑම් හි ප්‍රධාන නගරය වන ගුවහාටි කිලෝමීටර් 34 ක් (සැතපුම් 21 ක්) ගැඹුරට සිදුවී ඇති බවයි.

    මීට පෙර යුරෝපීය මධ්‍යධරණි භූ කම්පන විද්‍යා මධ්‍යස්ථානය (ඊඑම්එස්සී) භූමිකම්පා විශාලත්වය 6.2 ක් ලෙස සටහන් කළේය.

    ඉන්දියාවේ ඊසානදිග ප්‍රදේශ කිහිපයක සහ අසල්වැසි භූතානයේ දැඩි භූ කම්පන ඇති වූ අතර සිය ගනනක් ජනයාට තම නිවෙස්වලින් පලා යාමට බල කෙරුණු බව රොයිටර් පැවසීය.

    භූමිකම්පාවෙන් පසු ඉන්දියාවේ ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය විනාශය හා හානි පිළිබඳ වාර්තා තක්සේරු කරමින් සිටි බව ඒජන්සියේ නිලධාරියෙක් පැවසීය.

    මේ භූ කම්පනය සිදුවන්නේ ඉන්දියාවේ දෙවන කොරෝනා රැල්ලේ උච්චතම අවස්ථාව මැයි මැද භාගයේදී විය හැකි බවට සෞඛ්‍ය බලධාරීන් අනාවැකි පළකර තිබෙන පසුබිමක දී ය.

    කොවිඩ් -19 නිසා සිදුවූ මරණ ඊයේ (28) ඉන්දියාවේ ලක්ෂ 2 සීමාව පසු කර ඇත. ඉන්දියාවේ වසංගතය ආරම්භ වූ පසු පළමු වතාවට දෛනික මරණ ඊයේ වාර්තාගත ඉහළ මට්ටමක පැවතුණු අතර පසුගිය පැය 24 තුළ 3,000 කට අධික පිරිසක් වෛරසයට ගොදුරු වී මියගොස් තිබේ.

    මේ වන විට නිල වාර්තා පවසන්නේ ඉන්දියාවේ කොවිඩ් මරණ 198000 ඉක්මවා ඇති බවයි. කෙසේ වෙතත්, මහජන සෞඛ්‍ය විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ සැබෑ කොවිඩ් මරණ සංඛ්‍යාව කිහිප ගුණයකින් වැඩි විය හැකි අතර මිලියන ගණනක් විය හැකි බවයි. රජයේ ලිපිගොනු වල කොවිඩ් -19 නිසා ඇති වූ මරණවල නොගැලපීම සහ ආදාහනාගාරයේ සහ සුසාන භූමිවල ලියාපදිංචි වී ඇති මරණ සංඛ්‍යාව වෙනස් වීම ඊට හේතු ලෙස දක්වා ඇත.

    ඉන්දියාවේ දෛනික රෝගීන් ඊයේ 350,000ක් ඉක්මවීය.

    දෙවන කොරෝනා රැල්ලේ දරුණු ලෙස බලපෑමට ලක්ව ඇති රට, ඔක්සිජන් නොමැතිකම, රෝගීන් සඳහා රෝහල් ඇඳන් සහ වෙනත් වෛද්‍ය සැපයුම් සමඟ දිගටම සටන් කරමින් සිටී.

    දිල්ලියේ පමණක් ඊයේ වාර්තාගත ලෙස කොවිඩ් -19 මරණ 381 ක් වාර්තා කළ අතර මහාරාෂ්ට්‍රයේ මෙතෙක් වාර්තා වූ වැඩිම කෝවිඩ් -19 රෝගීන් 66,358 ක් ඊයේ වාර්තා විය.

    පාකිස්තාන, ජර්මනිය, ඕස්ට්‍රේලියාව, අමෙරිකාව, චීනය, ප්‍රංශය, සෞදි අරාබිය, සිංගප්පූරුව, එංගලන්තය ආදි රටවල් ගණනාවක් ඔක්සිජන්, එන්නත් හා වෛද්‍ය උපකරණ ආදියෙන් උදව් ලබා දී ඇත.

    ආදාහනය හා සුසාන භූමි වෙත යන ගමනේදී ගිලන්රථ එකවර මළ සිරුරු 20 ක් පමණ ගෙන යයි. සොහොන් බිම්වල චිතක දිගටම දැවෙනු දක්නට හැකිය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img