තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්පොහොට්ටුවෙන් කථානායකට විශේෂ දැනුම්දීමක්

    පොහොට්ටුවෙන් කථානායකට විශේෂ දැනුම්දීමක්

    පාර්ලිමේන්තුවේ කෝප් සහ කෝපා කමිටුවල සභාපතිධූරයන් විපක්ෂයට ලබාදීම සම්බන්ධයෙන් තමන් එකඟ නොවන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට දැනුම් දී තිබේ.

    කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද (1) පැවති පාර්ලිමේන්තුවේ පක්ෂ නායක රැස්වීමේදි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා මේ බව කතානායකවරයාට දැනුම් දී ඇත.

    එහිදී මහලේකම්වරයා පවසා ඇත්තේ මෙහිදී පාර්ලිමේන්තු ස්ථාවර නියෝග අනුව කටයුතු කළ යුතු බවයි.

    එයට පිලිතුරු දෙමින් කතානායකවරයා පවසා ඇත්තේ ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සමඟ තමන් සාකච්ඡා කර මේ පිළිබඳව ඉදිරියේදි පක්ෂ නායකයන්ට දැනුම් දෙන බවයි.

    ගනේශ් වීදියබණ්ඩාර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img