fbpx
තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්රාජ්‍ය සේවයේ අලුත් විශ්‍රාම වයස් සීමාව කොටසකට අදාළ නෑ

    රාජ්‍ය සේවයේ අලුත් විශ්‍රාම වයස් සීමාව කොටසකට අදාළ නෑ

    මානව සම්පත් අවශ්‍යතා මත මීට පෙර විශ්‍රාම යන වයස සංශෝධනය කරන ලද සේවාවන් සඳහා අතුරු අයවැය මගින් රාජ්‍ය සේවකයින්ගේ අනිවාර්ය විශ්‍රාම වයස අවුරුදු 60 දක්වා අඩු කිරීම අදාළ නොවන බව රජය නිවේදනය කරයි.

    රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියාසිටී.

    පාර්ලිමේන්තුවට මේ වනවිට ඉදිරිපත් කළ 2022 සංශෝධිත විසර්ජන පනත් කෙටුම්පත මගින් රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ විශ්‍රාම කාල කාලසීමාව අවුරුදු 60 දක්වා අඩු කිරීමට යෝජනා කර ඇත.

    මේ වන විට වයස අවුරුදු 60 සම්පූර්ණ කර ඇති රාජ්‍ය අංශයේ සහ අර්ධ රාජ්‍ය අංශයේ සියලු ම සේවකයින් දෙසැම්බර් 31 වැනි දින වන විට විශ්‍රාම ගැන්වෙන බව ද එහි දී ප්‍රකාශ කෙරුණි.

    නව විශ්‍රාම ගැන්වෙන වයස් සීමාව අදාළ නොවන රාජ්‍ය සේවයේ නිලධාරීන් පිළිබඳ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.