Home උණුසුම් පුවත් බසයෙන් මුවමස් ඇද්ද කොන්දොස්තර දැලේ

බසයෙන් මුවමස් ඇද්ද කොන්දොස්තර දැලේ

0
බසයෙන් මුවමස් ඇද්ද කොන්දොස්තර දැලේ

මගී ප්‍රවාහන පුද්ගලික බස් රථයකින් මුව මස් තොගයක් රැගෙන ගිය බව කියන බස් කොන්දොස්තරවරයකුව කරුවලගස්වැව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

01 වැනිදා පෙරවරුවේ කරුවලගස්වැව දී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
සැකකරු විසින් ප්‍රවාහනය කරමින් තිබූ මුව මස් කිලෝ ග්‍රෑම් 15 ක ප්‍රමාණයක්ද පොලිස් බාරයට ගෙන ඇත.

මුව මස් තොගය සමග අත්අඩංගුවට ගෙන ඇති සැකකරු හලාවත – බංගදෙණිය පදිංචි 25 හැවිරිදි අයෙකි.

සැකකරු ශ්‍රී පුර සිට කොළඹ දක්වා ධාවනය වන බස් රථයක කොන්දොස්රවරයා ලෙස කටයුතු කරමින් සිට ඇත.

ශ්‍රීපුර සහ අවට පදිංචි පුද්ගලයින් විසින් දඩයම් කරන වන සතුන්ගේ මස් සැකකරු විසින් තමා සේවය කරන බස් රථයෙන් මාරවිල සහ වෙන්නප්පුව ප්‍රදේශවල පවත්වා ගෙන යන අවන්හල් වෙත ගෙනවිත් අලවි කර ඇති බව පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සැකකරු සේවය කරන බස් රථයේ ගමන් කළ මගියෙකු විසින් ලබා දී ඇති තොරතුක් මත පොලීසිය විසින් වැටලීම සිදුකර ඇත.

සැකකරු සහ මස් තොගය පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here