තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ලංකාවේ තෙල් පිරිපහදුවක් අරඹන්න සවුදි අරාබියට ආරාධනා

    ලංකාවේ තෙල් පිරිපහදුවක් අරඹන්න සවුදි අරාබියට ආරාධනා

    ශ්‍රී ලංකාව තුළ තෙල් පිරිපහදුවක් ආරම්භ කිරීමට පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සවුදි අරාබියට‍ ආරාධනා කර තිබේ.

    ශ්‍රී ලංකාව සහ සවුදි අරාබිය අතර පැවැත්වෙන ද්විපාර්ශ්වීය සාකච්ඡා සඳහා ජනාධිපතිවරයාගේ විශේෂ නියෝජිතයා ලෙස සවුදි අරාබියට ගොස් සිටින පරිසර අමාත්‍යවරයා විසින් එම සාකච්ඡාවලදී මෙම ආරාධනය කර ඇත.

    කලාපයම ආවරණය කළ හැකි වන ලෙස ප්‍රමාණවත් ගබඩා පහසුකම් ශ්‍රී ලංකාවට සැපයිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී පැවසුවේය.

    සවුදි අරාබිය සමඟ ශක්තිමත් දිගුකාලීන සබඳතාවක් ඇති කර ගනිමින් බලශක්ති ආරක්ෂණ සහයෝගීතාව වෙනුවෙන් නවීන තෙල් පිරිපහදුවක් සහ ගබඩා පහසුකම් ලබාදීමට මෙම ආරාධනය සිදුකළ බව ද පරිසර අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

    ශ්‍රී ලංකාවට ගෑස් ඔයිල්, පෙට්‍රල්, ජෙට් ඒ-1, බොරතෙල් ආදී ඉන්ධන ලබාගැනීම සඳහා ඇතිකර ගත හැකි දිගුකාලීන ගිවිසුම් සම්බන්ධයෙන් ද දිගුකාලීන ආර්ථික සහයෝගීතාවක් ඇති කර ගැනීමට අවශ්‍ය කටයුතු සම්බන්ධයෙන් ද මෙම සාකච්ඡාවල දී අවධානය යොමු විය.

    ආසියානු කලාපයේ ඉදිරි ආර්ථික බලවතුන්ගෙන් කෙනෙකු වන සවුදි අරාබිය බලශක්ති ක්ෂේත්‍රයේ ප්‍රමුඛයකු ලෙස ප්‍රධාන කාර්යයක් ඉටුකරන බව ද සවුදි අරාබියේ ඔටුන්න හිමි කුමරු වන මොහොමඩ් බින් සල්මාන්ගේ “Vision 2030” (2030 දැක්ම) මුළු ලෝකයම ආකර්ෂණය කර ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img